නොයෙක් දේශපාලන වික්රමයන් කරපු ආණ්ඩුවෙ ඉන්න ඇමැති සයිස් මහත්තයෙක් තවත් ප්රබල ඇමැති සයිස් මහත්තයකුගෙ පට්ටමට තට්ටු කරන්න ගහපු රහසිගත ගේමක් හෙළිදරව් වෙලාලු...
මේ ගැන ආණ්ඩුවෙ ඉහළම තැනකින් කරපු ඉල්ලීමක් ඉවත් කරන්න කියපු ඇමැති තැනගෙ කනට වැටිල දැන් මිනිහ ඉන්නෙ පරළවෙලා කියලයි ආරංචි.
ඒ අස්සෙ අයින් කරන්න කියාපු ඇමැතිතුමා තමන්ට විරැද්ධව ඉහළට ගතු කියපු ඇමැති සයිස් උන්නැහේගෙන් අසාධාරණයට ලක්වුණයි කියන දේශපාලකයන්ගෙ ග_ප් එකක් හදාගෙන සටනක් දෙන්නලු යන්නෙ. අලි පාටියෙ හිරුසඳු වගේ බැබළෙන්න හදන මේ ඇමැති තැන පක්ෂයේ නොයෙක් වික්රමයන් කරන්න තැත් කරන ගතු කියපු කෙනාට එරෙහිව දේශපාලන අවි එකතු කරන බව එයත් දැන් දන්නවලු...
මේ කතා කොහොමවුණත් තවමත් සටන කෙරෙන්නෙ තිරය පිටුපස විතරයි.
මේ කතාව දැනගන්න අලි පාටියෙ ඉන්න කටට බ්රේක් නැති දේශපාලන ලොක්කෙක් &ලෝක වෙළෙඳාමට කෝට්ටේ පාර්ශ්වයෙන් ලොකු ප්රහාරයක් කියලා මහ හඬින් හිනාවුණාලු.