ලංකා සිවිල් සේවයෙ ඉඳල දේශපාලනේට අපු ටික දෙනාගෙන් ඉතුරු වෙච්ච එක්කෙනෙක් දැන් කැබිනට් මණ්ඩලේ ඉන්නව. ආචාර්ය පට්ටමකුත් තියන උන්නැහේට පසුගියදාක අලුත් ඔෆර් එකක් ආව ආණ්ඩුවෙන්...
ඒ ආරාධනාව කළේ ආණ්ඩුවෙ ඉහළම පට්ටමක් දරන මහත්තයෙක් කිව්වොත් නිවැරදියි...
උඩරටින් ආපු සිවිල් සේවා ආචාර්යතුමාට ආපු යෝජනාවෙන් කියැවුණෙත් ළඟදී පුරප්පාඩු වෙන්න යන රටේ සල්ලි භාර කැබිනට් පට්ටම භාරගන්න කියලලු.
ආරාධනාව ආවම සිනහ පහළ කළ සිවිල් සේවා ආචාර්යතුමා ඔය තනතුර මම කලිනුත් කළානේ. මම ඒක ආයෙත් පාරක් කරන්නෙ මොකටද කියල කිව්වලු...
ඒත් ඉහළින් දිගටම පෙරුත්ත කරන්න වුණාම බැරිම තැන උන්නැහේ කිව්වලු හොඳයි අඩුම තරමින් මට ඒ ගැන හිතන්නවත් පුළුවන් ඔය අමාත්‍යංශෙ හිටපු ලේකම් තැනවත් එතන සේවයට ලැබෙනවනම්... කියලා... එතනින් නොනැවතුණු ආචාර්යතුමා පසුගිය ආණ්ඩු කාලෙ ලේකම්කම කරපු ආචාර්යතුමාගෙ නමත් සඳහන් කරල තිබුණු බවයි ආරංචි...
ඊටපස්සෙ හොඳයි අපි බලමු කිව්ව ලොකු මහත්තය ආචාර්යතුමාට සමු දුන්නලු.