මහපුටු සටන කිට්ටු වෙනකොට පුද පූජා යාගහෝම ජ්‍යෙතිෂ වැඩ හතර අතෙන්ම පටන් ගන්නවා. ආණ්ඩුවට සම්බන්ධ ලොකුම මන්දිරේක ඉන්න දේශපාලන පුත්‍රයෙක් ඒ වගේ වැඩකට පසුගියදා කතරගම ගියා..
උන්නැහේ ගියෙ තනියම නෙවෙයි ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද විශේෂ ශ්‍රේණියේ කපු මහත්වරැ දෙන්නෙකුත් එක්කයි.
දහමට බර මේ දේශපාලන පුත්‍රයා කපුවන් සමඟ ගිහිල්ලා නැවතුණේ කතරගම එක්තරා නිලමේ කෙනෙකුගෙ ගෙදරලු... මෙයාලා මස් මාළු එහෙම නොකා පේවෙලා පසුගිය සිකුරාදා තුන්යම් රාත්‍රිය පුරා විශේෂ පූජාවක් සිද්ධ කළා. ඒ පූජාවටත් මේ දේශපාලන පුත්‍රය තමයි නායකත්වය දුන්නෙ..
ඊට පස්සෙ කෙම්මුර දවසක් වුණ සෙනසුරාදා අලුයම ඉන්දීය කපුවන් දෙදෙනා දේශපාලන පුත්‍රයා සමඟ මහ දෙවොල අභියසට ඇවිත් ජීවම් කරන ලද බිත්තර තුනක් දොවොල ඉදිරිපිට තබා යාතිකා කරමින් විශේෂ ත්‍රිශූලයකින් ඇන කුඩු කරමින් පූජාව හමාර කළා...
ඒ පූජාව බොහොම බරසාර එකක් කියලත් ආරංචියි. මේකෙ අරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී පූජාව කළ දේශපාලන පුත්‍රයාගෙ පියාට මේ රටේ මහ පුටුව ලබාගැනීම වග තතුදත් අය කුටු කුටු ගානව අපට ඇහුණ.. ඉන්දියාවෙන් පැමිණි විශේෂ පූජකවරැ මේ මහා යාග පූජාවෙන් පස්සෙ ප්‍රතිඵල ෂුවර් කියලා පිටත්වෙලා ගියාලු..