ආණ්ඩුවෙ ඉන්න අලි පාටියෙ ලොකුම පට්ටමක් දරන ඇමැති සයිස් මහත්තයෙක් පසුගියදාක ලොකු උත්සවයක් සංවිධානය කළා. තමන්ගේ අමාත්‍යාංශය යටතේ තියන එක්තරා ආයතනයකට දශක ගණනාවක් සම්පූර්ණවීම නිමිත්තෙනුයි මේක සංවිධානය කළේ..
කොළඹ හතේ ලොකුම සම්මන්ත්රණශාලාවක තිබුණු මේ උත්සවේට රටේ ලොකු මහත්තයයි.. දෙවැනි මහත්තයයි ආරාධිත අමුත්තො හැටියට පැමිණුනා..
ඒ වගේම ඔය කියන ආයතනෙ සෙනගත් සෑහෙන පිරිසක් ඇවිත් හිටියා කියමුකො..
ඒත් මේ උත්සවේ එක විශේෂයක් තිබුණා.. රටේ ලොකු මහත්තයා සහ දෙවැනි මහත්තයා ආවත් ආණ්ඩුවෙ වෙනත් කිසිම මන්තිරි කෙනෙක් උපඇමැති රාජ්‍ය ඇමැති හෝ කැබිනට් කවුරුවත් ඇවිත් හිටියේ නැහැ. නමුත් ඔය කියන තනතුරු දරන 70කට විතර ආරාධනා කරලා කතා කරලා එන්නත් කියලලු.. තිබුණේ..
මෙහෙම ඒ උත්සවේට කවුරැවත් නොආපු හේතුව නම් කිසිම කෙනෙක් දන්නෙ නැහැ. ඒකට ආපු කෙනෙකුට විරෝධය පළ කරන්න ද කියන එකත් කවුරැවත් දැනගෙන හිටියේ නැහැ..
නමුත් මේ ඇමැති තැන අලි පාටියේ කස්ටිය අතර නම් ජනප්‍රිය චරිතයක්.
ඉස්සරහට එන ලොකු පුටු තරගෙ ගැනත් උන්නැහේගෙ නම කියවෙනවා.. එහෙම තියෙද්දී මෙහෙම වෙච්චි එකයි පුදුමෙ..