2019 ජුලි 13 වන සෙනසුරාදා

පීල්ල මාරු කරලා

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 594

කාලයක් ගහට පොත්ත වගේ හිටිය අලිපාටියේ පසුපෙළයි කොළඹට කරුණා කරන නායකතුමයි අතර ඇයි හොඳයිය දරැණුවට බිඳිලලු. ඒ මේ පසුපෙළ හාදයෝ පුංචි දාස නියෝජ්‍ය නායකතුමා පස්සේ වැටිලා නිසා. කරුණා බර නායකතුමා එක්ක එක බත්පතේ කාපු අය මෙහෙම කළේ ඇයි කියල උන්නැහේ විස්සෝපෙන්ලු ඉන්නෙ.

සමහර අය දැන් කතාකළාම කෝල්වලට එන්නෙත් නෑලු. සමහර අය හරිම කාර්යබහුලයිලු. සල්ලි ඇමැති කාලේ උදේ හවා බලන්න ආපු තමන්ව අමතක වීම ගැන මෙයා ඉන්නේ කළකිරීමෙන් කියලයි ආරංචිය. බදුල්ල, රත්නපුර, පුත්තලම වගේ දිස්ත්‍රික්කවලින් පත්වුණ කටකාරයො කිහිප දෙනෙක්ලු මේ අය අතර ඉන්නෙ.

කොහොම වුණත් මේ වැඩේ පිටිපස්සේ ඉන්න පසුපෙළ සමහර හාදයෝ මේ නියෝජ්‍ය තරැ දෙක යා කරන පාලමක් වෙන්නත් ලෑස්ති වෙනවා කියලා ආරංචියි. හැබැයි මේ දෙන්නම මූණට මූණවත් දකින්න අකැමැතියි කියලයි කියන්නේ

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00