2019 ජුලි 13 වන සෙනසුරාදා

ඉදිරි කාලෙත් මමම තමයි මෙතන ඉන්නෙ

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 949

ආණ්ඩුවේ ඉහළම මැඳුරක රහස් සාකච්ඡාවක්.... ඒක සතර කන් මන්ත්‍රණයක් කීවොත් වඩාත්ම නිවැරදියි...

මේ සතරකන් මන්ත්‍රණයට සහභාගි වුණේ රටේ ඉහම තනතුරක් දරණ ජාතික ඇඳුමින් සැරසුණ ප්‍රභූවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් වශයෙන් රටපුරා ලක්සෙට කොඩි දැමූ පොරක්. මේ ව්‍යාපාරිකයා ඔහු මුණගැසුණු ප්‍රභූවරයාගේ සහෝදරයෙක් බවත් ආරංචියි....

දේශපාලනේ මොනව වුණත් මේ ව්‍යාපාරික භවතා විපක්ෂයේ ලොකු ලොක්කන් එක්කත් ඉතාම කිට්ටුයි... හිටපු ආරක්ෂක ලේකම් තැන සමඟත් නිතර කතාබහ කරන කෙනෙක්....

ඉතින් මේ ව්‍යාපාරිකයාට රටේ තොටේ තත්ත්වය ගැනත් ලොකු දැනුමක් තියෙන නිසා තමන්ගෙ ඥාති ප්‍රභූවරයාට කිව්ව.... අපි දැන්වත් අරගොල්ල එක්ක සාමදානෙට ගිහිල්ල දෙගොල්ල එකතුවෙලා ගමනක් යමු.... ඒකට ඕන නම් මම මැදිහත් වෙන්නම් කියලත්...

එයා මේ යෝජනාව කළේ රටේ යථාර්ථය දැනගෙන හොඳ හිතින් වුණත් ඉහළ තැන ඒක පිළිගන්නෙ නැහැ.

ඔයැයි ඒ ගැන කලබල වෙන්න එපා. කරන්න ඕන දේ මම දන්නව.... දැනටමත් ඒව කරගෙනයි යන්නෙ.... ඔය කවුරු මොනවා කීවත් ඉදිරි අවුරුදු පහෙත් මම තමයි මේ පුටුවෙ ඉන්නෙ... ඒකට අවශ්‍ය වැඩ කෙරෙනව. ඒ නිසා තමුන් කට වහගෙන හිටියොත් හොඳයි...

දේශපාලන ලොක්ක තමන්ගෙ ඥාතියාට අවවාදාත්මක ස්වරූපයෙන් කිව්වා....

ආ ඒකත් එහෙමද කියල නොසතුටින් උත්තර දුන්න ව්‍යාපාරික තැන... හොඳයි එහෙනම් මම ඒක අල්ලල දාන්නම් කියල යන්න ගියේ කනස්සල්ලෙන්ලු.