අලි පාටියෙ ජනාධිපති අපේක්ෂක සටනෙ ඉන්න පුංචි දාස උන්නැහේගෙ අපේක්ෂකත්වයට විරුද්ධව සටන් කරන කොළොම්පුරේ අහවලා පසුගිය දවසක තමන්ගෙ මතයට කස්ටිය නම්මගන්න රාත්‍රී සාදයක් සංවිධානය කළා.
සාද විඳින්න අලි පාටියෙ පුංචි මන්තිරිගොල්ල 45කට විතර ආරාධනා තිබුණත් ආවෙ 9 දෙනාලු. ඒගොල්ල අතරෙ කුරුණෑගල, හලාවත, රඹුක්කන, රත්නපුර, ගාල්ල, යටියන්තොට, බදුල්ල වගේ පැතිවල මන්තිරි උන්නැහේල තමයි හිටියෙ. ඒ අය එක්ක කොළඹ හිරු වගේ ඉන්න පොර කතා කළේ මහ පුටු සටනෙ අපේක්ෂකත්වය ගැනලු. ඒකට සුදුස්සා පාටියෙ ලොකු තැන නැත්නම් දියවන්නා කවුන්සිලේ ලොකු තැන තමයි කියන එකලු කොළඹ හිරුගෙ අදහස...
ඒත් සමහර මන්තිරිගොල්ල කීවලු සටන දිනාගන්න ෆයිට් එකක් දෙන්න දාස උන්නැහේ නරකද කියලා...
ඒත් කොළඹ හිරු ඒකට කොහොමවත් මනාප නැතිලු.
හැබැයි බැරි වෙලාවත් පක්ෂය එහෙම කළොත් මම නවතින්නෙ අහවල් තැන කියල එක්තරා ස්ථානයක නමක් කිව්වලු... ඒක ටිකක් පැරණි දේශපාලන පක්ෂයක් කියලා එතන හිටපු අය පස්සෙ කිව්වා.