2019 ජුලි 20 වන සෙනසුරාදා

පට්ටමට තට්ටුවේද?

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 651

භික්ෂූන් වහන්සේලාට චීව‍රධාරියෝ, අපයෝජන කරන අය කියලා කට වරද්ද ගත්ත අලි පාටියේ අලි ඇඟක් තියෙන නළු මහත්තයට ඇතුළේ අයගෙන්ම බාල්දිය පෙරළෙන්නලු යන්නේ.

අලි පාටිය එක්ක ඉන්න පක්ෂ නායකයොයි, මන්තිරි ටිකයි පහුගිය දවසක එකතුවෙලා නායකතුමාට මෙයා ගැන කිව්වා කියලයි ආරංචිය. මොනවත් නෙමෙයි මෙයාගේ ඇමැතිකම අයින් කරන්න කියලා.

රට ඇතුළේ අලි පාටිය බුද්ධ ශාසනයට විරුද්ධ පක්ෂයක් හැටියට විපක්ෂයෙන් රැල්ලක් හදද්දී ඛේමගේ පුතා එකපාරක් දෙයක් කියලා නැති කළා වගේ මෙයා තියෙන ටිකත් නැත්තටම නැති කළා  කියලා හැමෝම කියලා. හැබැයි මේ පාර කිව්ව කට කැඩිච්ච කතාවට නම් මෙයාගේ ඇමැතිකම අයින් කරන්න ඕනේ කියලා හැමෝම කියනවලු.

රටේ ලොකු ප්‍රශ්නයක් වෙලා කතෝලික මිනිස්සු වෙනුවෙන් බෞද්ධ සමාජයම පෙනී ඉන්න වෙලාවක, එවන් සමාජයක වන්දනීය හිමිවරැන්ට මෙවැනි බරපතළ ලිංගික අපයෝජන චෝදනා එල්ල කිරීම ආණ්ඩුවේ වැඩක් කියලා දැන් සමාජගත වෙලා කියලත් කියලා.

මේක වෙනුවෙන් පාටියේ ලොකු තැන කරුණු විමසලා ලියුමකුත් යැව්වලු. කොහොම වෙතත් පක්ෂය වෙනුවෙන් ඉදිරි දවසක රටේ මහ තැනත් එක්ක කතා කරලා මෙයාගේ පට්ටම් ගැන තීරණයක් ගන්න කියල කියන්න යනවයි කියලයි ආරංචිය. එහෙම නොගත්තොත් පක්ෂයේ ජයග්‍රහණය ගැන ආසාවල් අතහැරගන්න කියලත් පොඩි අය ලොකු අයට කියලලු.