2019 ජුලි 27 වන සෙනසුරාදා

පැමිණිල්ලක්

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 453

රටේ ඉහළම තැනක ඉන්න ලොකුම පට්ටමක් දරන බලවත් කෙනෙක් පැමිණිල්ලක් කරන්න යනවය කියල ආරංචියි.
මේ පැමිණිල්ල කරන්න යන්නෙ යුරෝපයේ ප්‍රබල රටක පිහිටා තිබෙන ආගමික කටයුතු භාර මූලස්ථානයක ප්‍රධානියාට බවත් කියනව.

මේ රටේ දේශපාලන කටයුතු හා පාස්කු ප්‍රහාරය ගැන සැබෑ තත්ත්වය වගේම ඒ ගැන ඇතැම් ස්ථානවලින් කෙරෙන මත ප්‍රකාශවීම්වලින් තමන් අපහසුතාවයට පත්වන බවත් ඒ නිසා මේ වැඩ නවත්වන්න මොකක් හරි ප්‍රතිකර්මයක් යොදන්න තියෙන ඉල්ලීමත් මේ පැමිණිල්ල මගින් ඉදිරිපත් කරන්නලු යන්නෙ.

ලිඛිතව හා සවිස්තරව තොරතුරු ඇතුළත් කර සකස් කරන පැමිණිල්ල සතියක් දෙකක් තුළ අදාළ රටට භාරදෙන්න ඉඩ තිබෙන බව ඉහළම පෙළේ තතුදත් ආරංචි මාර්ග කියනව.