රටේ ඉහළම මන්දිරේක ඉන්න ප්‍රධාන උපදේශකයකුත් පළාත් ආණ්ඩුකාරකමකට පත්වෙලා ඉන්න නීතිඥ සයිස් මහත්තයෙකුත් අලුත් දේශපාලන වැඩපිළිවෙලකට පිඹුරැපත් හදනවය කියල තතු දත් අය කියනව.
ලංකාවට තිලකයක් වගේ ඉන්න උන්නැහේ කෙනෙක් සහ මුළු රටටම මෛත්‍රී කරන කෙනෙක් ගැනයි මෙතෙන්දි සඳහන් වෙන්නෙ. උන්නැහේල දෙන්න දැන් බැහැල ඉන්න වැඩේ හැටියට රටේ ඉහළම පුටවක් දරන කෙනෙකුට අලි පාටියෙ ජනප්‍රියම දේශපාලන චරිතයක් පූට්ටු කරන්න පුළුවන්ද කියල බලන එකලු කරන්නෙ.
ඉහළම පුටුව දරන අයගෙ බලය හීනවෙන්න කලින් අලි පැටියත් එක්ක උන්නැහේ මාට්ටු කරල දිග ගමනක් යන්න පුළුවන් බවයි මේ දෙන්නගෙ මතය....
මේ අය දැන් මේ වැඩේ ගැන සාකච්ඡා කිහිපයක් තියල පොඩි ප්‍රචාරක වැඩසටහනකුත් කරන්න පැටන් අරන්ලු. අලි පාටියෙ අපි ඔය කියන කෙනා රටේ මහ පුටුව දරන අයත් සමඟ හොඳහිත වගා කරගෙන තියෙන නිසා වැඩේ පහසුය කියලලු මෙයාලගෙ විශ්වාසය.