පසුගියදා ප්‍රසිද්ධ කෙනෙකුගෙ අවමංගල උත්සවේකදි හිටපු ලොකු තැනට ආණ්ඩුවෙ ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් මහත්තයෙක් හමුවුණා. ඒ ඌවෙන් ආපු මද්දුම උන්නැහේ...
දෙන්න සුහදව කතා කර කර හිටියෙ රටේ තොටේ දේශපාලන තත්ත්වය ගැන. ඔහොම කතා කර කර ඉන්නකොට ඉස්සරහට පවත්වන්නට යන ජනාධිපතිවරණ කතාවත් ඇදිලා ආවා... ඒ කතාව යනකොට දෙන්නටම ඕනෑවුණේ ඒ ඒ පක්ෂවලින් ඉදිරිපත් කරන්න යන ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා දැනගන්නයි... මේ ගැන හිටපු ලොකුතැන මද්දුම උන්නැහේ නගපු ප්‍රශ්නවලට කෙළින් උත්තර දුන්නෙ නැතත් එයා සිග්නල් කළේ ඡන්දෙට එන්නෙ ගෝඨ තමයි කියන කතාවයි...
ඊටපස්සෙ හිටපු ලොකු තැන ඇහුවෙ අපෙන් කවුරු ආවත් දැන් ඔයගොල්ලො කවුද ගේන්න යන්නෙ... අලි පාටියේ ලොකු මහත්තයා එනවය කියලා සමහරැ කියනවා.... ඊළඟට දෙවැනිය එනවය කියලා තවත් අය කියනවා... ඇත්තටම නැත්ද තවම කවුද එන්නෙ කියල අදහසක්.
එයා කල් යල් බලා ඇසූ ප්‍රශ්නයට උත්තර දීම ලේසි නැහැ. ඒ නිසා මද්දුම උන්නැහේ දුන්නෙ දෙපැත්ත කැපෙන උත්තරයක්...
එනකෙනා කවුරු වුණත් ඒ එන්නෙ ඔබතුමා කැමැති අපේක්ෂකය නම් නෙවෙයි කියන එක කියන්න පුළුවනි... එහෙම කියපු මද්දුම උන්නැහේ හිනාවුණා...