පොහොට්ටුව එක්ක වලි දාගෙන පැත්තකට වුණ වෙල් මන්තිරි තැනට පසුගියදාක මැති සබේදි නුවර පැත්තෙන් ආපු මහී හම්බවුණාලු. දෙන්න හම්බුවෙලා කතා කරන අතරේ වෙල් උන්නැහේ දිගින් දිගටම දොස් කියන්න ගත්තෙ ගෝඨා උන්නැහේටලු. මේ කතාව ටික වෙලාවක් අහන් හිටපු මහී කිව්වේ වෙල් අයියා මොනවා කීවත් අද රටේ ජනප්‍රියම අපේක්ෂකයා ගෝඨා උන්නැහේය කියලයි. ඉතින් අයියා ඔහොම කියලා දැන් අලි පාටියට සැට් වෙන්න නේද යන්නෙ කියලත් මහී වෙල් අයියගෙන් ඇහුවා.
පිස්සුද මල්ලි.. මම කවදත් අතේ මිනිහා. මම ඒක දාලා යන්නෙ නැහැ. බැරි වෙලාවත් උඹලට ආරංචි වුණොත් මම අලි පාටියට ගියයි කියලා අන්න එදාට ඇවිල්ලා මගේ බෙල්ල මිරිකපල්ලා. එදාට උඹලා බෙල්ල මිරිකනකම් මම සද්ද නැතුව ඉන්නවා. අම්මපා ඇත්ත...
වෙල් උන්නැහේ සපථ කළා. ඒක අහගෙන හිටපු නුවර මහී &හරි හරි.. බැරිවෙලාවත් ඔයා කොල පාටට සිග්නල් දැම්මොත් එදාට මම ඇවිල්ලා ඔයාගේ බෙල්ල මිරිකනවාමයි කියලා මහ හඬින් හිනාවෙලා යන්න ගියා.