අලි පාටියෙ ඉහළ තැනක් හිමි එක්තරා ජ්‍යෙෂ්ඨ දේශපාලකතුමෙක් පසුගිය දවසක හදිසියෙම විශේෂිත ඡායාරූප ශිල්පීන් ගෙන්වල ෆොටෝ ෂූට් එකක් කළ බව ආරංචියි...
මේ දවස්වල ජනාධිපති ඡන්දයට අලි පාටියෙන් ඉදිරිපත් වෙනවය කියන අය අතරෙ මෙයාගෙ නමත් තිබෙනව.
පක්ෂය නොබෙදී ජනාධිපති ඡන්දය ජයගත යුතු බව කියන මේ පක්ෂ ප්‍රධානියා... දැනට දරන වගකීමෙ හැටියට තදින්ම දේශපාලනයට සම්බන්ධ නැතත් ඉහළ තැන්වල කැමැත්ත තරමක් දිනාගෙන ඇති නිසා උන්නැහේ ඉදිරි මහ පුටු ඡන්දයෙ අපේක්ෂකයා වෙන්නත් පුළුවන් කියල තතු දත් උදවිය කියනව... මුන්නැහේ මේ තනතුර ලබාදෙන්නය කියල ඉල්ලුම් කර නැතත් සටනට පක්ෂයෙන් ටිකට් එක ලැබුණොත් වැඩේට බහින්න තිරය පිටුපස සංවිධාන වැඩ පටන් අරන්ලු...
ෆොටෝ ෂූට් එකත් මෙයින් එක පියවරක් බව ආරංචියි. ඒ වගේම තමන් ඉගෙන ගත්ත මෙරට ප්‍රධානම පෙළේ බෞද්ධ පාසලක ආදි ශිෂ්‍යයන් කැඳවල උන්නැහේලගෙත් උදව් පදව් ඉල්ලා හිටපු මෙතුමාගෙ ග්‍රහ යෝගත් සෑහෙන හොඳ මට්ටමක තිබෙන නිසා මහ පුටු සටනට අලි පෙරමුණෙන් එන්න හදනව වගෙයි පේන්නෙ...