පසුගිය දවසක රටේ ආරස්සක අංසෙ ලොකුම පුටුවකට කෙනෙක් පත් කරගන්න තිරය පිටුපස ලොකු සටනක් තිබුණා. සමහරු මේක දේශපාලන සටනක් බවටත්, තවත් අය රාජ්යතාන්ත්රික සටනක් බවටත් පත් කරගත්තා....
නමුත් ඊට වඩා අපූරු සිද්ධිය වුණේ මේක එක්තරා මන්දිරයක බිත්ති හතරක් ඇතුළෙ සටනක් බවට පත්වීමයි...
මේ සටනෙදි දෙපාර්ශ්වය නියෝජනය කළේ රටේ එක්තරා බලවත්ම පවුලක අක්කා මල්ලි කියලයි තතු දත් අය කියන්නෙ.
මෙයින් මල්ලි දිගටම සටන් කළේ ආරස්සක අංසෙ පුටුවෙ හිටපු කෙනාට තවත් කාලයක් ලබාදෙන්නලු. නමුත් අලුත් චරිතයක් ගේන්න අක්කා සටනක් දුන්න. ඒ සටනින් ජය ගන්නෙ අක්කා වග දැන් එයාලට සමීප හුඟ දෙනෙක් දන්නවා.... කොහොම හරි මේ සටනින් පසුගිය දවස්වල මහ මැඳුරත් රත්වෙලායි තිබුණෙ.