ජනාධිපතිවරණයට එන්න අපේක්ෂා කරන එක්තරා දේශපාලන නායකයකුට දැන්ම ඉඳලම ජනාධිපතිතුමා කියලා අමතන සුළු පක්ෂ නායකයෙක් ඉන්නවලු.
උන්නැහේ පසුගියදාක මේ දේශපාලන නායකයා මුණගැහිලා ජනාධිපතිතුමා කියල ආමන්ත්රණය කරනකොට අපේක්ෂකතුමා තරමක් පුදුමෙන් වගේ ඇයි මේ කියල ඇහුවලු. එතකොට මේ දේශපාලන නායකය කිව්වලු...
සර් අපි ජනතාව අතරත් ඉන්න අය අපි දන්නව ජනමතය... දැනටමත් එයාල අනාගත ජනාධිපති තෝරල ඉවරයි... කියලා....
ඊට පස්සෙ මේ දේශපාලන නායකයා තමන්ගෙ ජනතාවට බලපාන ප්රශ්න ගැන දීර්ඝ සාකච්ඡාවක් කරල පිටත්වෙලා ගියේ ජනාධිපතිතුමනි මම ගිහිල්ල එන්නම් කියලලු.
ජනාධිපති ඡන්දයටත් කළින් මෙහෙම අපේක්ෂකයකු අමතක පක්ෂ නායකයා දීර්ඝ කාලයක් උතුරේ දේශපාලනය කළ එක්තරා ප්රතිපත්තියක් අනුව කටයුතු කරන කෙනෙක් හැටියට ප්රසිද්ධයි.