එක්තරා ජනාධිපති අපේක්ෂකයකුට උදව් කරන හාදයෝ ටිකක් මරු වැඩක් කරලලු. මේක එසේ මෙසේ වැඩක් නෙමෙයිලු. අලි පාටියෙන් ඔන්න ඉල්ලනවා මෙන්න ඉල්ලනවා කියන පුංචි දාස මහත්තයගේ නමින් වෙබ් පිටුවක් එයාලා පටන් අරන්ලු. ඩබ්.ඩබ්.ඩබ්. පුංචිදාස. කොම් කියලා. ඉතින් මේක හැමතැනම සමාජ මාධ්‍යයේ එහෙ මෙහේ කරනවලු. පුංචි දාසට ආදරය කරන අයත් මේක එහා මෙහා කරනවලු. පුදුමේ කියන්නේ ඒක නෙමෙයි මේක එබුවම ඒ වෙබ්අඩවියට ගියාට පුංචිදාසගේ වැඩ නෙමෙයිලු තියෙන්නේ වෙනත් ජනාධිපති අපේක්ෂකයෙක් පසුගිය කාලේ රටට කරපු වැඩලු. මේකට දැන් ගොඩක් අය අහුවෙලාලු.
වැඩේ කියන්නේ මේක සල්ලි දීලා අරගෙන තියෙන නිසා වෙනස් කරන්නත් බෑලු. දැන් මේ වෙබ් එක හැම තැනම එහේ මෙහේ ගිහින් තියන නිසා හැමෝම ඉන්නේ ඔළුවේ අතගහගෙනලු.