අතයි පුටුවයි සන්ධාන ගතවෙන්න සාකච්ඡාවක් පවත්වන අතරෙ අතෙන්ම සුදුසු අපේක්ෂකයොත් ඉදිරිපත් කළ යුතුය කියලා රටේ නායකතුමාට බලපෑම් කරන කෙනෙක් අත පාටියේ ඉන්නවලු..
එයා දිගින් දිගටම කියන්න පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයෙක් වන කළුතර වෙල් මන්තිරිතුමා තමයි ඒකට නියම සුදුස්සා කියලා.. මේ නාම යෝජනා කරමින් බලපෑම් කරන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය අපටමයි උරුමය අපටයි කියන නෝන මහත්තයෙක් බවයි ඩාර්ලි පාරෙන් ආරංචි..
පසුගියදා එයා පක්ෂයේ විධානයකින් රුස්වීමට ආවම කලකට පස්සේ කන් පැලෙන අප්පුඩියක ලැබුණලු. ඒකෙන් තවත් දිරිමත් වුණ මේ නෝනා දැන් දිගින් දිගටම කියන්නේ මහපුටු සටනට අතපාටියෙන් කෙනෙක් දාන්නම ඕන එයා රෙද්ද බැනියම අඳින කෙනෙක් වෙන්නත් ඕන කියලලු.
එයාගෙ රෙදි බැනියම් කතාව අල්ලගත්ත වෙල් උන්නැහෙත් අපේ පාටියෙන් එන්නෙ රෙදි බැනියම් අඳින කෙනෙක් තමයි කියලා කියන ගමන් පොහොට්ටුවෙ ගෝඨට දැඩි වාග් ප්‍රහාර එල්ල කිරීම වේගවත් කරලලු..
මේ යෝජනාව ආවට රටේ ලොකු මහත්තයා මේක ඇහුණේ නැහැ වගේ ඉන්න එකලු කස්ටියට දැන් තියන ප්‍රශ්නෙ.