2017 මාර්තු 11 වන සෙනසුරාදා

මම බය නැහැ

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 276

හම්බන් පුරේ වරාය චෑංචූංලගෙ රටට පවරන්න යන වැඩේට ඇතුළෙන්ම කොකු දාලා කියනවා... මේකට විෂය භාර ලොක්කා දාපු කොක්ක නිසා උන්නැහේගෙ පට්ටමත් ගැලවෙන්න පුළුවන් කියලයි ආරංචිය ගියේ...

ඒ ආරංචිය යනවත් එක්ක උන්නැහේ ගිහිල්ල ආණ්ඩුවෙ ඉහළම තැනකට මේ ගැන පැමිණිලි කළාලු... මේ වැඩේ කරන්නනම් දැනට තියන නීති පනත වෙනස් කරන්න ඕනැ කියලා නීති අංසවලින් ලැබුණ උපදෙස් ගැනත් ඉහළට කියලා.

ඒ ගමන පනත් වෙනස් කරලා මේ වැඩේ කරන්න යාමෙන් සිද්ධවෙනදේ ගැන විෂය භාර ලොක්කා ඉහළට කාරණා කාරණා 10ක් විතර කිව්ව කියනවා. ඊට පස්සෙ උන්නැහේට ඉහළින් කොහොමටත් පනත වෙනස් කරන්න එපා කියලා උපදෙස් ලැබුණ නිසා “දැන් මං බය නෑ” කියලා කියමින් ඉන්න බවයි ආරංචි.