2017 මාර්තු 11 වන සෙනසුරාදා

යන්න බැරිලු

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 282

අලි පාටියෙ ඉතාමත් බලවත් ඇමැති සයිස් මහත්තයකුට තමයි මේ රටට රට සල්ලි ගේන එක්තරා ආයතනයක් අයිති... ඒක භාරව ඉන්නෙ යහපාලන ආණ්ඩුව ගේන්න හුඟක් ඇප කැපවුණ සභාපති සයිස් කෙනෙක්.. ඒත් ඉතින් උන්නැහෙයි ඇමැති තැනයි අතරෙ ඒ තරම් ඇයි හොඳයියක් නැතිලු...

ඒ නිසා තියන ප්‍රශ්න දුරදිග යවන්න කලින් දෙන්නගෙම හොඳ හිත තියාගෙන මේ සභාපති තැනට වෙනත් පට්ටමක් දීලා උන්නැහේ වෙනුවට වෙනත් දේසපාලන පොරක් ගේන්න ඇමැති තැනට ඕන වුණාලු.

ඇමැති තැන මේ ගැන රටේ ලොකුමහත්තුරු දෙන්න එක්කත් කතා කළා කියලයි ආරංචි... ඊට පස්සේ සභාපතිතුමාට ඇමැති තැනගෙ වුවමනාව වක්‍ර මාර්ගයකින් දැනුම් දීමටත් වැඩකරලා සභාපතිට ඕනනම් තානාපති පට්ටමක් වුණත් දෙන්නම් කියලා. ඒත් එයා ගන්න බැහැ කියනවලු... 

මේක දැන් ඔය ආයතනෙත් ප්‍රසිද්ධ කතාවක්. ඒකට එතන ලොකු ලොක්කො කියන්නෙ “සූරිය - වික්‍රම” සටන කියලයි.

 

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00