කාලයක් තිස්සේ අළුයට ගිනි වගේ තිබුණ අසහනකාරී ප්‍රශ්න ගණනාවක් පුපුරා යාමෙන් ක්‍රිකට් මණ්ඩලේ ලොකු අර්බුදයක් පටන් අරන්.
සම්මුති ආණ්ඩුව වගේ ක්‍රිකට්වල ඉන්න ප්‍රධානම ප්‍රතිවාදීන් දෙන්න එකතුවෙලා එක්තරා ක්‍රිකට් පවුලක ආධිපත්‍ය බිඳින්න කළ සටන ජයගත්තා...
ඒත් ජයග්රහණයෙන් පස්සේ මහ පුටුවට අරක්ගත් අය අන් මත නොඉවසීම නිසා මේ පිපිරීම සිද්ධවෙන්න යන බවයි ආරංචි. පාර්ශව දෙක අතර බෙදාගත්ත වගකීම් කිචන් කැබිනට්ටුවකට පවරලලු...
ඒ හින්ද මේ පාර ක්‍රිකට්වලට නව ලෝකයක් උදාකරදීම සඳහා ප්‍රධාන චරිත තුනහතරක්ම යන්නලු යන්නෙ...
මේ කණ්ඩායමේ ඉන්න හිටපු ක්‍රිකට් ලොක්කා තමන්ගෙ නිල කාමරේ තිබුණ පෞද්ගලික බඩුබාහිරාදියත් අරගෙන යාමෙන් ඔහුගේ ඉවත්වීම ස්ථිරසාර කරලලු තිබෙන්නෙ..
ස්වාධීන ක්‍රිකට් ලොක්කොනම් කියන්නෙ ක්‍රිකට්වල සෙනසුරු දසාව තුරන් කරන්නනම් දේසපාලකයොන්ට ක්‍රිකට් දොර වහන්න ඕන කියලයි.