2017 මාර්තු 11 වන සෙනසුරාදා

අත ඇල්ලිල්ලට බයලු

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 321

පහුගියදාක දියවන්නා කවුන්සිලේ ලිෆ්ට් එකේ ඇමැතිවරු පිරිසක් ගමන් කරමින් හිටියා... රජරට පළාතෙන් කවුන්සිලේට පත්වෙච්ච නිල් පාටියෙත් ඉහළම පට්ටමක් දරන තරුණ මහත්තයෙකුයි පහුගිය කාලෙ විල්පත්තු කතාවට ඈඳුන පුත්තලම් පැත්තෙ මහත්තයෙකුයි ලොකු කතාවකට වැටිලා උඩට යමින් ගමන... පුත්තලමෙ යාළුව එකපාරටම රජරට යාළුවාගෙ අතින් අල්ලාගෙන කතා කරන්න ගත්තා...

එතකොට උන්නැහේ කලබලවෙලා “හා හා... කෝකටත් අත අතෑරලා කතා කරපන් අයියේ...” කියලා පුත්තලමෙ යාළුවට කිව්වෙ හිනාවෙමින්... 

මේ කතාව තරමක් අමුතු නිසා ලිප්ට් එකේ හිටිය තවත් ඇමැති මහත්තුරු දෙන්නෙක් මොකද අප්ප ඒ කියලා එකපාරටම ඇහුවා... එතකොට රජරට යාළුවා දුන්නෙත් අමුතු උත්තරයක්

“අපොයි මෙයා අත අල්ලනවට මම නම් හරිම බයයි.”

“ඒ මොකද අප්පා” ඇමැතිවරු ඇහුවා.

“හේතුව පුළුවන්නම් හොයාගන්න” කිව්ව රජරට යාළුවා මහ හයියෙන් සිනාවෙමින් ලිප්ට් එකෙන් බැස්සා. ඊටපස්සෙ තාමත් අර ඇමැතිවරු මේ අත ඇල්ලිල්ලට හේතුව හොයනවලු.