කාටත් ඉස්සර රටේ මහපුටු සටනට සැරසුණු නාග අපේක්ෂකතුමා ඡන්දයට එන්න හිටපු පල්ලෙ අපේක්ෂක තැනත් එක්ක පොඩි සන්ධානයක් ගැහුව. ඒ සන්ධානයට රටේ බුද්ධිමතුන් සහභාගී කරගන්නව කියල ප්රකාශයකුත් කළා....
ඔහොම ටික දවසක් දෙන්න අයිය මල්ලි වගේ මහ පුටු සටන් සන්ධානෙ කරගෙන ගියා කියමුකො... ඊට පස්සෙ පල්ලෙ අපේක්ෂකතුමාගෙ කස්ටිය නාගෙට පොඩි කොක්කක් දැම්ම.
ඒකට හේතුව උන්නැහේ සන්ධානෙට ඡන්ද සෙවීමට වඩා ආධාර සෙවීමට මුල් තැන දීම බවයි අරංචි. ඒ ගැන ඇතිවෙච්ච වාද විවාදවලින් පස්සෙ පැණිවරකා ගහට හෙන ගැහුව වගේ දැන් සන්ධාන ගතවෙලා හිටපු නාගෙයි පල්ලෙයි හොඳටම නෝක්කාඩුවෙලා මූන බලන්නෙත් නැති තැනට පත්වෙලාලු..
සන්ධාන ගහල ඡන්දෙ පටන් ගන්නත් කලින් ඇතිවුණු මේ අරමුදල් ගෝරිය හින්ද පල්ලෙගෙයි නාගෙගෙයි සන්ධානෙ කොට උඩ ගිහින් දෙන්න තනි තනිවම සටනට එන්න හදන බවයි දැන් පේන්නෙ.