2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ලොකු පුටුවකට අලුත් මුහුණක්

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 577

අලි පාටියෙ සභාවට අධිපති තනතුරේ පුරප්පාඩුවක් ඇතිවෙන්න යනව කියල තිරේ පිටුපස කතාවක් යන්න පටන් අරන්... මේ පුටුවෙ දැනට වාඩිවෙලා ඉන්න කෑගලු පැත්තෙන් ආපු උන්නැහේ පාටියෙ ඉහළ තැන් එක්ක සැට්වෙලා වැඩ නොකිරීමලු මේ වෙනස කරන්න හේතුව...

පාටියෙ ලොකු තැන කියන කරන දේවල්වලට පොලු දැමීම ගැනත් සමහරු උන්නැහේට එක එක ඒව කියනව.... පසුගියදාක උඩරට පළාතෙන් ආපු ඇල්ල පරපුරේ කෙනෙකුත් මේ කාරණා ගැන දොස් පරොස් කිව්ව බව ආරංචියි.
අලි පාටියෙ ඉහළම ලේකම් පදවියෙන් පස්සෙ දැන් දරන පුටුවට ආපු මුන්නැහේ එතනින් පිටත් කරල ඒ වෙනුවට තවත් ඈත පළාතකින් ආපු බොහෝම දයාබර දේශපාලනයක් කරන නිතර උඩින් ගමන් කරන ධනවත් කවුන්සිල් මැම්බර් කෙනෙක් මේ පුටුවට ගේන්න යන බවයි. තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නෙ.

තිරය පිටුපස හීනියට ප්‍රචාරය වුණු මේ කතාව අද හෙටම ඇත්ත වෙන්න පුළුවන් කියල සමහරු කියනව.