2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ඡන්ද නවත්තන්න සටනක්

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 742

ඡන්දවලට සම්බන්ධ එක්තරා කොමිසමක කොමසාරිස් පදවියක් දරන කෙනෙක් ඇල්පිටියෙ ඡන්දෙ නොපවත්වා ඉන්න ලොකු උනන්දුවකින් වැඩ කරන්න පටන් අරන්ලු.

උන්නැහේ මෙම ඡන්දය ප්‍රකාශයට පත්කළ තේරීම් බාර නිලධාරියට මුලින්ම බරබරේ දාල තිබුණෙ කොමිසමට නොකියා ඡන්දය ගැසට් කළේ කොහොමද කියල විමසමින්ලු.... තේරීම් භාර ලොක්ක ඒකට සැර උත්තරයක් දුන්නම කට වහගෙන පැත්තකට වුණ මේ ඡන්ද ලොක්ක දැන් ඒ ගැන අධිකරණය හරහා යමක් කරන්න පුළුවන්ද කියල බලන වග උතුරැ සන්ධානෙ මන්තිරි ගොල්ල කියන්න පටන් අරන්....

මේක මහ පුටු ඡන්දෙට කළින් තිබ්බම, ඇල්පිටි ඡන්දෙ ප්‍රතිඵලේ මහ පුටු සටනට බලපාන නිසා ඇල්පිටි සටන පස්සට දාන්න කියල එයා උසාවියෙන් ඉල්ලන්න යන බවයි උතුරු සන්ධානෙ මන්තිරිල කියන්නෙ... මේ වැඩේ සිද්ධ කරල උන්නැහේ ටික දවසකට විදේශ ගතවෙන්න යනවය කියලත් ආරංචියක් යනව....

එහෙම වුණොත් ඡන්ද කොමිසමේ ගණපූරණේ නැතුව මහ පුටු ඡන්දය ගැන තීන්දුවක් ගන්නත් එයා එනකම්ම බලා ඉන්න වෙන බව තතු දත් ආරංචි මාර්ග කියනව... එහෙම වෙන්නෙ රටේ මහ පුටු සටන ගැන අන්තිම තීන්දුව ගන්න ඡන්ද කොමිසමේ සාමාජිකයො තුන් දෙනාම ඉන්න ඕනය කියල නීතියක් තියෙන හින්දලු. ඒක එහෙම වුණොත් ප්‍රශ්නය පැටලුණු නූල්බෝලයක් වෙන්න පුළුවන් බවයි ආරංචි.