අලි පාටියෙ ලොකු තැන එයාගෙන් මහ පුටු අපේක්ෂකකම ඉල්ලන පුංචි දාස උන්නැහේට කිව්ව ලංකාවෙ සුළු පක්ෂවල සහයෝගය අරන් පෙන්වන්න කියලා...
එහෙම කිව්වට පස්සෙ මෙච්චර කල් ආණ්ඩුවෙ හිටපු සුළු පක්ෂවලත් පිට ඉඳන් උදව් කළ උතුරැ සන්ධානෙත් සහාය ගන්න සාකච්ඡාවලුත් සංවිධානෙ වුණා.
මෙහෙම සුළු පක්ෂ එක්ක සාකච්ඡා කරද්දි සජිත් පිලේ ප්රබලම චරිතයකගෙ කටින් ලිස්සලා ගිය එක්තරා වචනයක් නිසා උතුරු සන්ධානෙ ප්රබලම මන්තිරි සයිස් කෙනකුට ලොකුවට කේන්ති ගිහිල්ලා තිබුණලු... ඒ අප්සෙට් කතාව කියූ තැනැත්තා කියල තිබ්බෙ &උතුරැ සන්ධානෙ හුඟ දෙනෙක් අපට උදව් කරද්දි අරය (ප්රබල මන්ත්රීවරයකුගේ නමක් කියයි) මේක රනිල් ළඟට ඇදගෙන යන්න හදනවය කියලලු. අනෙක් අය ළඟදිම අපි ළඟට එන බවත් කියා කිව්වලු.
මේ කතාව උතුරැ සන්ධානෙ කස්ටියට කියල තිබ්බෙ ඒ සාකච්ඡාවෙ හිටපු ආණ්ඩුවෙම වෙනත් සුළු පක්ෂ නායකයෙක්ලු.
කොහොම හරි ඒ චෝදනාව ලබාපු උතුරු සන්ධානෙ මන්තිරි තැන මේ කතාව වහාම තමන්ගෙ නායකයට කියලා ලොකු ගෝරියක් ඇදල... ගෝරිය නැගලා යද්දි සජිත් පිල එක්ක ඉදිරියෙදි කරන සාකච්ඡාවලදි දැඩි කෝන්දේසි පනවන්නත් තීන්දු කරලා... ඒ වගේම සන්ධාන ගතවීම ගැන රතු පාටිය එක්කත් පොහොට්ටුව එක්කත් කතාවක් දාන්නත් තීන්දුවක් අරන් කියල කියැවෙනවා.