ආණ්ඩුවෙ එක්තරා සුළු පක්ෂයක ඇමැති කෙනෙක් සති ගණනක් කැබිනට් එකට ගියේ නැතිලු... ඒකට හේතුව ආණ්ඩු කරන එ.ජා. පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හුටපටය නිසා ඇතිවුණු ප්රශ්න බවයි ආරංචි.
පසුගිය සතියෙත් එයා කැබිනට්ටුවට ආවෙ නැහැ... ඉතින් එයාගෙ දේශපාලන සගයෙක් එයා මේ සතියෙවත් ඔය මණ්ඩලේ රැස්වීමට නොගියේ ඇයි කියල විමසලා බැලුවා...
අයියෝ අපිට කරන්න බැරි කොන්ත්රාත්තුවක් භාර දුන්නා... ඒකයි මම නම් නොගියෙ.. බරසාර විදිහට දුරදිග බලන ඇමැති තැන කිව්වා...
මොකද්ද අප්පේ ඔය තරම් අප්සෙට් වෙච්ච කොන්තරාත්තුව? යාළුවා නැවතත් ප්රශ්න කළා. එතකොට මඳක් සිනාසුණු මේ ඇමැතිතුමා එයාලා මට කියනවා අරයට අපේක්ෂකත්වය දෙන්න කියලා ලොක්කට කියන්න කියලා... ඉතින් මට මෙච්චර උදව් පදව් කරපු මනුස්සයට කොහොමද මම ඕවා කියන්නෙ.. ඒ නිසයි මම අදත් මණ්ඩලේ රැස්වීමට නොගියෙ...
එහෙම කිව්ව ඇමැතිතුමා වතුකරේ පැත්තට පාවෙලා ගියා කියල එතුමාගෙ හිතවතුන් කියනවා.