මුන්නැහේ විශ්රාමික ආරක්ෂක ලොක්කෙක්.. එයාගේ නම අලුතෙන් කියවෙන්නේ දේශපාලනේට ඈඳිලා.. උන්නැහේ ඒ ගැන තවම විවෘත වචනයක් ප්රකාශ කරලා නැතත් සංවිධාන රුසක සහභාගීත්වයෙන් මෙයා අපේක්ෂකත්වයේ අභිෂේක කරන්නලු යන්නේ...
ඉතින් අපේක්ෂකකම ගත්තම කතෝලික ආගමේ ඉහළම අය හමුවෙන්න අමාරුයි. ඒකට හේතුව පාස්කු ප්රහාරයේ වැරදිකරුවන් අල්ලා දෙනතුරු දේශපාලන නායකයන් හමුවීම ආගමික නායකයන් ප්රතික්ෂේප කරලා තිබීමයි.
කොහොමහරි අපේක්ෂකත්වයට කලින් මේ ආරක්ෂක ලොක්කා කතෝලික පල්ලියේ ඉහළම කෙනෙක් බැහැදකින්න බොරුල්ල පැත්තෙ නිල මැඳුරකට ගියා.
එතෙන්දි නොයෙක් දේ කතාවෙන අතරේ.. ජනතා සංවිධාන තමන් අපේක්ෂකත්වයට ඉල්ලන බවත් කියලා. එතකොට ඒ නායකතුමා කිව්වේ ඒක මට අදාළ නැහැ. ඔයාලා හැමෝම පාස්කු ප්රහාරය ගැන කළේ මොකද්ද කියලයි මම අහන්නේ. ඒකට අපට තවමත් හරිහමන් උත්තරයක් නැතුව ඕවා මා එක්ක කතා කරලා මොකටද?
එතුමාගේ ඒ ප්රකාශයත් සමඟ සුහද කතාවත් හමාර වුණාලු.....