2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

පැරැණි අයට ඇබෑර්තු තිබේ

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 574

පොහොට්ටුවේ අපේක්ෂකයට විරුද්ධව ඉන්න කළුගංතොට කුමාරයා අතේ එල්ලුනාට කිසිම වාසියක් නෑලු. මොකද අතේ අයත් ඇදෙන්නෙම පොහොට්ටුවේ නිසා. මේ නිසා කුමාරයා අලුත් වැඩකට අත ගැහුවලු. ඒ අතෙයි, පොහොට්ටුවෙයි ඉඳලා ගිය පැරැණි ඈයෝ එකතු කරන්.

මේ අය එකතු කරලා මාධ්‍ය සාකච්ඡා තියලා පොහොට්ටුවටයි, අතටයි නෙලන්න යන්නේ හමුදා පාලනයකට යන්න හදනව කියලා. දැන් මේ වැඩේ නායකත්වය දෙන්නේ කුමාරයා වගේ හිටියට මැඩම් කෙනෙක් කියලයි ආරංචිය.

වැඩේට අලිපාටියට ගිය අතේ කට්ටියත් ඉන්නවලු. යන්න ඉන්න කට්ටියකුත් ඉන්නවලු. එක දවසක මේ හැමදෙනාම එක මේසයකට එන්නලු හදන්නේ. ඒකත් වැඩි ඈතක් නෑලු.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00