අලි පාටියට සම්බන්ධ පිරිසක් පක්ෂයක් සල්ලිවලට අරන්ලු. ඒකෙ ලකුණ පූජනීය භාණ්ඩයක් කියලයි ආරංචි.
ඒ පූජනීය භාණ්ඩයේ ලකුණින් කියන පක්ෂයේ දැන් ඉන්න නිලධාරී වෙනස් කරලා අලුත් අයගෙ නම් ආදේශ කරන්නලු යන්නේ...
එහෙම කරන්නෙ ඡන්දයක් ප්රකාශ කරපු වෙලාවේ අලුත් පක්ෂයක් ලියාපදිංචියට නීතියෙන් අවසර නැති නිසා කියලයි දැනගන්න තියෙන්නේ. මේ පක්ෂය ලියාපදිංචි කරන වැඩේ නිර්මාතෘවරයා ආණ්ඩුවෙම ඉන්න එක්තරා දොස්තර කෙනෙක් බව තතු දත් අය කියනවා.
ඉතින් මේකෙ නිලධාරී හැටියට අලි පාටියෙම ඉහළ තැන්වල ඉන්න පිරිසකගේ නම් ගම් ඇතුළත් වෙන බවයි කියවෙන්නේ.
අද හෙටම අලුත් නිලධාරී පිරිසගේ දායකත්වයෙන් පක්ෂයේ කටයුතු හොර රහසේම අරඹන්නලු යන්නේ. මේ පාටියේ නිලධාරීන්ගේ නම් ගම් දැනගත්තොත් ජනතාව උඩ යයි කියලා කාරණා කාරණා දන්න උදවිය කියනවා ඉලැක්ෂන් කන්තෝරුව පැත්තෙන් ඇහුණා.