පුත්තලං දිසාව නියෝජනේ කරන අරුන් මංත්‍රීතුමා ඊයෙ පෙරේදා දවසක හැන්දෑවේ පොහොට්ටුවේ රැස්වීමකට සහභාගී වෙමින් හිටියා. එහෙම ඉන්නකොට උන්නැහේගේ ආරක්ෂක තැන අතේ තිබුණ ජංගම දුරකතනයට ඇමතුමක් ආවා. ඇමතුමට උත්තර දුන් ආරක්ෂක තැනට අනෙක් පැත්තෙන් කතා කළ කෙනා කිව්වේ තමන් කතා කරන්නේ අහවල් මන්දිරෙන් අහවල් තුමාට අරන් මංත්රීට කතා කරන්න ඕනය කියලයි. අරන් හිතුවේ අහවල් තුමා කියන්නේ හිටපු ලොකු තැන කියලයි.. ඉතින් එයා ගිහින් දුරකතනය අරගෙන හලෝ කියලා කිව්වා විතරයි අනෙක් පැත්තෙන් ලැබුණේ බැණුම් වරුසාවක්.
ඈ අයිසේ.. තමුසෙ මට තැන් තැන්වල අරෑ මූ කියලා බනිනවය කියන්නේ ඇත්තද?.. කියලා අරුන්ට කතා කළ ප්‍රබලයා අහනකොටම අරුන් දැනගත්තා කවුද කතා කරන්නෙ කියලා.
ඒ පාර අරුන් කවුද සර් කීවේ? ඕක බොරු කතාවක් කියලා උත්තර දෙනකොටම එහා පැත්තෙන් ආයෙම ඝෝෂාව පටන්ගත්තා.
අනේ යනවා අයිෂෙ යන්න. මම සේරම දන්නවා. තමුසෙලා හදන්නෙ මාව අයින් කරන්නද? මතක තියාගන්නවා. ඒවා වානා කියලා. පුළුවන්නම් මම අයින් කරලා දිනලා ආණ්ඩුව හදලා පෙන්නනවකෝ. කියමින් දුරකථනයේ අනෙක් කොනේ හිටපු ප්‍රබලයා අරුන්ට දිගින් දිගටම බැණ වැදුණා. ඊටපස්සේ එයාටම ඇතිවෙලා දුරකථනය තිබ්බලු. වැස්සක් වැහැලා පෑව්වා වගේ කියපු අරුන් මන්ත්‍රී තැන ඊළඟට උත්සව සභාවට ඇවිල්ලා තමන්ගේ කතාව පටන්ගත්තා කියලයි ආරංචි.