රටේ ලොකු මහත්තයයි බස්නාහිර පළාතෙ දේශපාලනේ අලගිය - මුලගිය තැන් දන්න ගම්පහ පළාතෙ දේශපාලන ලොක්කකුයි ඊයෙ පෙරේදා අලි පාටියෙ ඇමැති සයිස් හරින් උන්නැහේගෙ පියාගෙ මළගෙදරට සහභාගි වෙන්න ගියේ එකම වාහනෙන්ලු...
මේ ගමන යන්න කලින් ලොකු මහත්තයගෙ ගෙදර තිබුණු නිල කතාබහකදි අත පාටිය මහපුටු ඡන්දෙට පොහොට්ටුව එක්ක සැට්වෙන්න තීන්දුවකුත් අරගෙනයි ගියේ...
මේ සන්ධාන ගැහිල්ලට විරුද්ධ හිටපු ලොකු නෝනගෙ ලොකුම ගෝලයෙක් වන අපේ අලගිය - මුලගිය දේශපාලුතුමා පොදුවෙ අත - පොහොට්ටු සන්ධානෙට කැමැති වුණත් හිතේ තිබුණෙ පොහොට්ටුවට වඩා අලිය හොඳයි කියන මතේලු.
ඉතින් හරින් උන්නැහැගෙ මළගෙදරදි ඇතිවුණු සුහද කතාබහේදි අලි පාටියෙ ප්රබලයකු වන හරින් උන්නැහේ රටේ ලොකු මහත්තයට දිගින් දිගටම කියන්න ගත්තෙ 2015 දි වගේ අතයි අලියයි එකටම යමු. තිබුණු ප්රශ්න ඉවරයි. ඉතා හොඳට අපට ආණ්ඩුව කරන්න පුළුවන් කියන කතාවලු...
එයා එහෙම දිගින් දිගටම කියනකොට ලොකු මහත්තයා එක්ක පොහොට්ටුවට යන්න තීන්දු කරපු රැස්වීමෙ ඉඳලා එතෙන්ට ගිය අපේ අලගිය මුලගිය තැන් දන්න එක්කෙනෙක් හරින් එක්ක ඒ පැත්තට බැට් කරන්න ගත්තෙ නොසිතූ විදියට කියලයි ආරංචි...
එතන හිටපු දෙන්නම අත අලිය පිට තියන්න කියනකොට කතාව මඳකට නතර කරපු රටේ ලොකු මහත්තය එකපාරටම &දැන් මට දුර ගමනක් යන්න තියෙනවා* කියලා පිටත්වෙලා යන්න ගියා කියලත් කියැවෙනවා...