මෑතක පොහොට්ටුවට සැට්වුණු මන්ත්රී සයිස් දෙන්නෙක් සන්ධාන ගතවෙලා කරණමක් ගහන්න තීන්දුවක් ගන්න යන බව ආරංචියි. මෙයින් එක් කෙනෙක් දකුණෙ. අනෙකා වයඹ පළාතෙ. වයඹ කෙනා ආවෙ අලි පාටියෙන්. දකුණෙ කෙනා ආවෙ අත පාටියෙන්...
මේ දෙන්නටම තියෙන ප්රශ්නෙ දිස්තිරික්කෙ අනෙක් පොහොට්ටු කස්ටියගෙන් තියෙන අමර කැපිල්ලලු.
ඔය කැපිල්ල මාතර - මාතලේ මහනුවර වගේ තවත් දිස්ත්රික්ක ගණනාවක තිබුණත් ඒ පළාත්වල අය තනියම සටන දීගෙන ඉන්න දක්ෂලු...
ඒත් මේ කියන දෙන්නම තමන්ට හරි හමන් ආසන දෙකක් නුදුන්නොත් දැඩි තීරණයක් ගන්න බවයි කියන්නෙ. මේ බව දැනගත්ත අලි පාටියෙ ලොකු ලොක්කො දැන් මේ දෙන්නට කොක්ක ගහලා බාගන්න සැලසුමක් දියත් කරලයි කියලත් ආරංචියි...
මෙයින් දකුණෙ දේශපාලන තැනට පසුගියදා ඇල්පිටියෙ තිබුණු පොහොට්ටුවෙ අවසන් මහ රැලියට ආරාධනා කරල තිබුණත් එයා ගිහිල්ලා නැහැ. එදා පාර්ලිමේන්තුව පැත්තෙ කැරකුණු මේ දකුණෙ දේශපාලන භවත සහ වයඹ දේශපාලන භවත තීන්දුවක් ගන්න කුටු කුටු සාකච්ඡාවක් දාපු බවත් ආරංචියි.