හංසයා වෙනුවෙන් වැඩකරන එක්තරා පක්ෂ දෙකක නායක මට්ටමේ දෙන්නෙක් කොළඹ වගේම දකුණෙ තියන ඡන්ද රැස්වීම්වල කතා නොකරන්න තීන්දුවක් අරන්..
මේ තීන්දුවට හේතුව ඒ ගැන සංවිධායක මණ්ඩලේ අය කරපු විශේෂ ඉල්ලීමක් කියලයි ආරංචි..
මේ අලුත් ක්රමවේදයේ හැටියට ඒ නායක දෙපොළම කතා කරන්න ගන්නෙ තමන්ගෙ ඡන්ද බලප්රදේශ තියෙන දිස්ත්රික්කවල විතරලු.
මේ වැඩේට ඒ අය හිත යටින් එච්චර සතුටක් නැතත් හංසයා දිනවන්න ඕන නිසා සංවිධායකයන්ගෙ ඉල්ලීම අනුව කටවහගෙන ඉන්න තීරණය කරලා.
මේ අය දකුණෙ කතා කළොත් ඒකෙන් ඒ පළාත්වල ජනතාවගෙ ඡන්ද ලබාගන්න පොල්ලක් වැටේවි කියල හිතලලු. සංවිධායක මණ්ඩලේ මෙහෙම කරන්න තීන්දු කළේ. මේ පක්ෂ නායකයො දෙන්නගෙන් එක් කෙනෙක්ගෙ වැඩි බර තියෙන්නෙ නැගෙනහිරටලු අනෙක් එක්කෙනා වයඹට මායිම්වන ඈත දිස්ත්රික්කයත් නියෝජනේ කරනවලු.