ඉස්සෙල්ලා ආණ්ඩුවේ ලොක්කෙක්ගේ ප්රතිරූපය නංවන්න මේ රටේ ඉහළම කාර්යාලයකින් පඩි දීලා බුකි ඔස්තාද්ලා ටිකක් ගත්තලු. මේ ගත්ත අය කියලා තියෙන්නේ විරුද්ධවාදීන් ගහන මඩවලින් සර්ව බේරලා, සර්ගේ ප්රතිරූපය නංවන්න අපිට පුළුවන් කියලා. මේ ගත්ත කට්ටිය ලොකු වැඩ ටිකක් පෙන්නුවලු. හැබැයි කිව්ව තරම් ලොකු සර්ගේ රූපය නම් හදන්න නම් බැරි වුණාලු පහුගිය කාලේ.
හැබැයි දැන් මේ හැමදේම ඉවරවෙලා තියෙන මොහොතේ ඔය බුකි ඔස්තාද්ලා කරපු දේවල් මොනවද කියලා ඒ ලොක්කගේ කට්ටිය හොයලා බැලුවලු. බැලින්නම් මේ ඔස්තාද්ලා ටික ආණ්ඩුවෙ ලොක්කගේ ප්රතිරූපය හදන ගමන් අලිපාටියේ කොළඹ එක්කෙනෙකුගෙනුත් පඩි අරන්ලු. වැඩියෙන් ආණ්ඩුවෙ ලොක්කගෙන් පඩි ගත්තට වැඩියෙන් වැඩ කරලා තියෙන්නේ මේ කොළඹ ලොක්කාගෙ ප්රතිරෑපය පුම්බන්නලු. මේ ගැන සේරම තොරතුරු ලැබුණට පස්සෙ දැන් තමයිලු ගොඩක් අයට තේරෙන්නේ මොකද වුණේ කියලා.