අලි පාටියෙ ලොකු මහත්තයා පාටියෙ මහ පුටුව සජීතුමාට පරිත්‍යාග කළොත් තමන්ගෙ දේශපාලනේ අවසන් කරන්න බලාපොරොත්තුවෙන රනිල්වාදීන් පිරිසක් පසුගිය දවසක නිල නොවන සාකච්ඡාවක් කළා කියලා ආරංචියි...
මේ සාකච්ඡාවට වයඹින් මධ්‍යම පළාතෙන් දකුණෙන් වගේම සබරගමුවෙනුත් පත්වුණු දියවන්නා කවුන්සිල් කස්ටියත් ඉඳලා තිබෙනවා...
කතානායකත්වය තිබුණත් ඉදිරි මහ ඡන්දයෙ ප්‍රතිඵලය පැහැදිලි නිසාත් නොගැලපෙන දේශපාලන මතවාද එක්ක තවදුරටත් පෑගෙන්න බැරි නිසාත් තමන් දේශපාලනයට ආයුබෝවන් කියන බවයි මේ අය කතාවෙලා තියෙන්නෙ. ඒ කතාබහේදි වයඹින් ආපු ප්‍රබලයෙක් කිව්වලු අලි පාටි දේශපාලනේ මහින්ද කෙනෙක් වෙන්න හදන අයට ඉඩක් නැහැ කියලත්..
කොහොම නමුත් අපට තියෙන ආරංචිවල හැටියට මෙහෙම සමුගන්නවය කියන කණ්ඩායම දොළහක් දහතුනක් විතරලු.. පසුගිය ආණ්ඩුවෙ වටිනාම ඇමැතිකම් කළ අය කිහිප දෙනකුත් පක්ෂයේ මහ පුටුවල හිටපු අය කිහිප දෙනකුත් මේ අතර ඉන්නවලු.