ලෝකයේ ප්රබලම රටක තානාපති මට්ටමේ රස්සාවක් කරන අපේ රටේ නෝනා මහත්තයෙක් ඉන්නවා... එයා ලබලා තියෙන පත්වීම දේශපාලන පත්වීමක් නොවෙයි... එහෙම වුණාට එයා තමන්ගෙ රැකියාව කරනකොට මේ රටේ නායක මට්ටමේ උදවිය කෙරේ පවා ක්රියා කළේ පක්ෂ දේශපාලන ප්රතිපත්තිය අනුවය කියලා බරපතළ චෝදනාවක් නැගිලා.
මේ නෝනා මහත්තය දැන් සේවය කරන රටට පෙර තානාපතිකම් කළේ නැගෙනහිර ආසියාවේ ප්රබල රටක.. එතුමිය එරට සේවය කරනකොට විපක්ෂ නායක හැටියට මහින්ද උන්නැහේට එරට නායකයන්ගෙන් ආරාධනාවක් ලැබුණෙ නිල කටයුතු කිහිපයකටත් එක්ක එන්න කියලයි...
ඒ අනුව උන්නැහේ ඒ කියන ප්රබල රටට පැමිණියා.. එතකොට මේ නෝනා මහත්තයා එරට තානාපතිකම් කරමින් හිටියා. රාජ්ය තාන්ත්රික සම්ප්රදාය අනුව තමන්ගෙ රටට පැමිණි හිටපු ජනාධිපතිවරයකුද වන ශ්රී ලංකා විපක්ෂ නායකයාට එරට අගනුවර නගරාධිපති ධූරය දැරූ ප්රබල දේශපාලනඥයෙක් නිල රාත්රී භෝජන සංග්රහයක් සංවිධානය කළා.. ඒ බව දැනගත් ශ්රී ලංකාවෙ තානාපති නෝනා එම නගරාධිපති හදිසියේම මුණගැසී ශ්රී ලංකා විපක්ෂ නායකට භෝජන සංග්රහය ලබා නොදෙන ලෙස ප්රබල ඉල්ලීමක් කළා... එතනින් නොනැවතුණු ඇය එරට ප්රබල ඇමැතිවරයකුටත් කතානායකවරයාටත් ඒ භෝජන සංග්රහය ගැන පැමිණිලි කළ බවත් කියැවුණා...
කොහොම වුණත් ශ්රී ලංකා තානාපතිවරියගේ රාජ්ය තාන්ත්රික නොවූ ඉල්ලීම එකහෙළා ප්රතික්ෂේප කළ එම රටේ බලධාරීන් ඉතා උසස්ම පිළිගැනීමක් සමඟ රාජ්ය තාන්ත්රික භෝජන සංග්රහ සත්කාර සම්මාන ශ්රී ලංකා විපක්ෂ නායකවරයාට පිරිනැමුවා... එපමණක් නොවෙයි එම භෝජන සංග්රහය අවස්ථාවෙ එරට ප්රධානීන් මහින්ද රාජපක්ෂ අමතා තානාපතිවරිය මෙබඳු ඉල්ලීමක් කළ බවත් එය තම රජය තරයේම ප්රතික්ෂේප කළ බවත් නිල වශයෙන්ම කිව්වා...
කොහොමහරි මේ බලවත් තානාපතිවරිය මේ වැඩේ කළේ මේ රටේ මහ පුටුවෙ කලකට පෙර වාඩිවෙලා හිටපු එක්තරා බලවත් කාන්තාවකගෙ ඉල්ලීමට බව පසුව කියැවුණා. ඉතින් ඊටපස්සෙ ඒ බලවත් කාන්තාවගෙ අනුග්රහය ඇතිව මේ තානාපතිවරිය ලෝකයේ ඉතාමත් ප්රබලම රටක තානාපති හැටියට පත්වුණා. දැන් එයා එහේ තානාපති. මහින්ද මෙරට අගමැති... මේ කතාව ඊයෙ පෙරේදා අපි දැනගත්තෙ රාජ්ය තාන්ත්රික සේවාවේ ප්රතිසංවිධාන ගැන නව රජයේ ප්රධානීන් පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීයි...