උතුරු සන්ධානෙ එක්තරා මන්තිරි තුමෙක් ඉන්නවා ව්‍යාපාර පැත්තට බර... පහුගිය ඡන්දෙදි උන්නැහේල විපක්ෂයෙ අපේක්ෂකතුමාට වැඩ කළාට... පහුගිය දවසක මේ මන්තිරිතුමා කොළඹ ඇවිත් ආණ්ඩුවේ ඉහළම කෙනෙක් මුණගැහුණා.
උන්නැහේ ආණ්ඩුවෙ මහ කන්තෝරැවෙ තිබුණ රැස්වීමක් අතරතුරයි මේ හමුව සිද්ධවෙලා තියෙන්නෙ...
ආණ්ඩුවෙ ඉහළම අය මේ හමුවෙදි උතුරු සන්ධාන මන්තිරි එක්ක සුහද කතාබහක යෙදී සිටියදී උන්නැහේ ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කළාලු... ඒ ඉල්ලීම කෙරුණෙ තමන්ගේ ව්‍යාපාරවලට බදු සහන ලබාගන්න කියලයි තතුදත් අය කියන්නෙ...
කොහොම හරි මේ ඉල්ලීම ගැන ආණ්ඩුවෙ ප්‍රතිචාරය පැහැදිලි නැතත් උන්නැහේ ආණ්ඩුවෙ ප්‍රධානීන් මුණගැහිලා තමන්ගෙ බිස්නස්වලට බදු සහන ඉල්ලීමේ කතාව උතුරු සන්ධානෙ ලොක්කන්ටත් දැනගන්න ලැබිලා.. ඊට පස්සේ තමන්ගෙ පළමු හමුවෙදිම ආණ්ඩුවෙ ප්‍රධානීන්ගෙන් මේ විදිහට බදු සහන ඉල්ලපු මන්ත්‍රි තැන ගැන දීර්ඝව සාකච්ඡාවකුත් සිද්ධ වුණා..
ඒ සාකච්ඡාවෙදි උතුරු සන්ධාන ලොක්කො තීන්දු කළේ ඉදිරි මහ ඡන්දෙදි මෙයාගෙ නොමිනේෂන් ටිකට් එක කපලා දාන්නලු..
ඒ තීන්දුව ප්‍රකාශ කරනතෙක් රහසක් හැටියටත් තියා ගන්න එකඟවෙලා කියලා උතුරෙ ආරංචි මාර්ග කියනවා..