පහුගිය මහපුටු සටන ගැන ජ්‍යොතිෂ අනාවැකි කියාපු සමහරැන්ගෙ කල්ල මරේ... ඒත් තවත් කස්ටියකට තමන් කියූ අනාවැකි නිසා හොට බිම ඇනුණා...
යෝග භාවනාවෙන් සිත දියුණු කළ බව කියන උඩරට පළාතෙ එක්තරා දෛවඥයෙක් මහපුටු ඡන්දෙදි කැට තියලා කිව්වෙ සජී තුමා දිනනවාමයි කියලා...
බොහොම ශාන්ත දාන්ත මේ යෝගීවරයගෙ අනාවැකිය ගැන සමහරැ සෑහෙන අවධානයක් දැක්වූවත් උන්නැහෙගෙ සාත්තර ඉතිහාසය දන්න මහින්ද උන්නැහේ ඒක ඒ හැටි ගණන් ගත්තෙ නැත්තෙ තමන්ගෙ හැට අවුරැද්දක දේශපාලන ඉව සාත්තරේට වඩා ප්‍රබල බව කියමින්...
කොහොම හරි උඩරට පළාතෙ කොළ පාට දේශපාලනඥයන් ළඟින් ඇසුරැ කළ යෝගී තුමාගේ අනාවැකිය වැරදුණා. ඊට පස්සෙ එකපාරටම උන්නැහේ තමන්ගෙ දේවාලය වසා දැම්මා... උන්නැහේ හම්බුවෙන්න එන අනුගාමිකයො පැමිණීමත් නැවතුණා... ඊට පස්සේ තමන් දෛවඥ කටයුතු ටික කාලෙකට නතර කළ බව කියු උන්නැහේ දැන් උඩරට පළාතෙම වනාන්තරයක ගහක් මුල භාවනා කරනවලු...
මේ කතාව ඇහුවම අපට මතක් වෙන්නෙ 2015 ඡන්දෙදි මහින්ද උන්නැහේ පැරදුණොත් හිසට වෙඩි තබාගන්නවය කියපු දෛවඥායාය...