2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

පින්තූර ප්‍රශ්නය

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 1410

හිටපු ලොකු මහත්තයා මේ දවස්වල පුලතිසිපුරේ පැත්තෙ බැහැලම වැඩ...

නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වලට යමින් වෙළෙඳ පොළ පැත්තෙ ගැවසෙමින් ජනතාව හමුවෙවී උන්නැහේ ඊළඟ ඡන්දෙට සූදානම් වෙනවලු..

සමහර පුංචි ගම්මානවල රුස්වීමුත් තියන බවයි ආරංචි...

කොහොට නමුත් උන්නැහේ පුලතිසිපුරේදී නිර්මාණය කරපු ප්‍රධාන ගෝලය මේ හුඟාක් තැන්වල දකින්න නැහැ කියලයි තතු දත් අය කියන්නෙ... මෙලෙස මඟහැර සිටින පුලතිසිපුරේ ජයරත්නය සොයාගන්න උත්සහ කරපු හිටපු ලොකු මහත්තයට අන්තිමේදි තමන්ගෙ ගෝලයා මුණගැහිලා... 

ඒ තරම් සුහද හමුවක් නොවුණත් මේ හමුවේදී ඉදිරි කටයුතු ගැන කතා කරන අතරෙ ගෝලය පුලතිසිපුරේ ඡන්දයට ගහපු ප්‍රදර්ශන පුවරැවල (කටවුට්වල) ගුරුතුමාගෙ පින්තූරය නොදැමීම ගැන තදින්ම ප්‍රශ්න කරලලු...

මේ පළාතෙ පොහොට්ටු නායකයාගෙ පින්තූරෙත් තිබුණා රජපක්ෂල දෙන්නගෙ පින්තූරෙත් තිබුණා. නමුත් අපි කොහේවත් නැහැ... මොකද ඒ... හිටපු ලොකු මහත්තය අමුතු ප්‍රශ්නයක් දැම්මා.

හැබැයි ගෝලයටත් ඒ ප්‍රශ්නයට හොඳ උත්තරයක් තිබුණා.

සර් මම කොහොමද සර්ගෙ පින්තූරෙ දාන්නෙ සර් නිර්පාක්ෂිකයි කිව්වා... වේදිකාවට නගින්නෙත් නැහැ කිව්වනේ... ගෝලයා උත්තර දුන්නා.. ඒ උත්තරේ ලැබුණට පස්සේ.. හ්ම්... හ්ම්.. යනවා යනවා කියලා.. ගුරුතුමා ගෝලයට යන්න කියලා වෙනත් වැඩක් පටන්ගත්ත...