2020 ජනවාරි 11 වන සෙනසුරාදා

කපුවන්ගේ සාම පාලම

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 618

අලි පාටියෙ තියෙන නායක සටන් තවමත් ඉවර නැහැ. පාටියෙ මන්තිරි ගොල්ලගෙන් කොටසක් නායකතුමාම නායක පුටුවෙ වාඩිකරවන්න හදද්දී තවත් පිරිසක් පුංචිදාස උන්නැහේ එතනට ගේන්න ලොකුවටම වැඩ....

මේ සඳහා කරපු කතාබහ නිෂ්ඵල තත්ත්වෙට පත්වුණ නිසා පාටියෙ ලොකු ලොක්කො ලොකු මහත්තයා හමුවෙලා කිව්වෙ තමන්ගෙ ඉවසීම ඉවර වේගෙන යන හින්ද ප්‍රශ්න නොවිසඳුණොත් අපි තනි ගමනක් යනවය කියලයි. ඒක ලොකු මහත්තයට දන්වල ආවට පස්සෙ ඔන්න ආයෙමත් දෙපැත්ත සමගි කරන්න කපුවො දෙතුන් දෙනෙක් වැඩට බැහැලලු....

මේ දේශපාලන කපුවන්ගෙ වගකීම පුංචි දාසගෙ පිලේ ඉන්න ජ්‍යෙෂ්ඨයො තනි තනිවම ලොකු මහත්තයා ළඟට ගෙනයාමලු... ඒකට එක එක්කෙනාට පණිවුඩ ගෙන යමින් ආයෙමත් සාමයේ පාලම හදන්න එයාලා හිටු කියල වැඩ.....

ඒත් මේ සාම පාලමෙන් එතෙර වෙලා ලොකු තැන මුණගැහෙන්න යන්න කතා කරන බොහෝ දෙනෙක් දැන් මේ කපුවො මඟඅරින්න පටන් අරන්ලු. සමහරු එයාලගෙ ටෙලිෆෝන් කෝල් එකකටවත් උත්තර දෙන්නෙ නැහැ කියලයි ආරංචි.... ඒ නිසාම සාම කපුවන්ගෙ අනාගතේ අවිනිශ්චිත තත්ත්වයට පත්වෙලා කියලයි ආරංචි.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00