අලි පාටියේ අර්බුදේ මැද්දෙ අනාගතේ තනතුරු ලබාගන්න තිරය පිටුපස සටනක් දියත් වෙමින් තිබෙනවලු...
පක්ෂයේ පිරිසක් කරන සටන දිනලා සජී තුමාගේ කස්ටියට බලය ලැබුණෙත් ඊටපස්සේ පාටියේ මහපුටු ගණනක් පෙරළෙන්න පුළුවන් කියන ආරංචියත් එක්ක තමයි නව තනතුරු සටන පටන් අරන් තිබෙන්නේ...
ඒ අනුව කළුතර පළාතේ මහත්තයෙක් පාටියේ ලොකුම ලේකම් පුටුවකට ඉව අල්ලන වග ආරංචියි. ඒක හැබෑවටම වෙනවද නැත්ද කියන තීන්දුව ඉදිරි දින කිහිපයේදී දැනගන්න පුළුවන්ලු.
ඊටත් වඩා රසවත්ම ආරංචිය සජීතුමාට පාටියේ බලය ලැබුණොත් උන්නැහේ යටතේ පාටියේ සභාපති පුටුවට පත්වෙන්න කැමැත්ත ප්රකාශ කරන කෙනෙක් ගැනයි ලැබෙන්නේ...
දැනට පාටියේ ඉන්න ඉහළම උදවියගේ ළඟම ගෝලයෙක් වන මෙයා දැනට අලි පාටියේ බලවත්ම පුටුවක වාඩිවෙලා ඉන්න පොරක්...
උන්නැහේ දැන් දන්නවා බැරිවෙලාවත් සජීතුමාට බලය ගියොත් තමන්ගෙ පුටුව පෙරළෙන බව. ඒ හින්දා කල්තබාම සභාපති පුටුව ගැන සජී පිලට පණිවුඩ යවන්න පටන් අරන්ලු.
ඒක වෙනවද නැත්ද කියන එක වෙනම කාරණයක්.. ඒත් පක්ෂ දේශපාලනයේදී ඔරුව පෙරළුණත් පෙරළුණු පිට හොඳයි කීමයි හැබෑව..