රටකින් රටකට තානාපතිවරු පත්කිරීම ඒ රටේ රාජ්‍ය නායකයගෙ වැඩක්... ඒ නිසා අලුත් ආණ්ඩුව යටතෙ රටවල් ගණනාවකටම අලුත් තානාපති උන්නැහේලා පත් කරන්න දැනටමත් පියවර අරන්...
ඒත් ආසියාවෙ ලොකුම රටකට ගැලපෙන අලුත් මුහුණක් සොයාගන්න අපේ ලොකු ලොක්කන්ට තවමත් බැරිවෙලා... තානාපති පත්වීමක් කරනකොට දෙරටේම කැමැත්ත ඇතිවයි ඒක කෙරෙන්නෙ... ඉතින් මේ ප්‍රබල ආසියාතික රටට අපේ රටෙන් කෙනෙක් යැවීම පමාවෙනකොට ඒ රටේ මහගෙදර ඉන්න ඉහළම පෙළේ ලොක්කෙක් දෙන්නෙක් පසුගියදා මේ රටට ආවා...
ඇවිල්ල ලොකු මහත්තුරැ හමුවෙලා කතා කළා...
එහෙම කතා කරනකොට මේ තානාපති ප්‍රශ්නත් මතු වුණාලු... එතනදි ඔය කියන ප්‍රබල ආසියානු රටේ ලොක්කො අපෙන් එහාට එවන්න හොඳ කෙනෙක් ගැන නමක් එයාලම යෝජනා කළ බව ආරංචියි. ඒක සාමාන්‍යයෙන් සිදු නොවන අසාමාන්‍ය දෙයක්. කොහොම නමුත් එහෙම යෝජනා වෙලා තිබෙන්නෙ මේ රටේ හිටපු ඇමැතිසයිස් මහත්තයකුගෙ නමක්ලු... එයා ජාත්‍යන්තර කටයුතු ගැන විසේසඥ දැනීමක් ඇතිව දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ බුද්ධි මණ්ඩපයක් මෙහෙයවන කෙනෙක් හැටියටත් ප්‍රසිද්ධයි. මෙයා ඉහළම ලෝක සබඳතා ඇති කෙනෙක් හැටියටත් ප්රකටයි.
උන්නැහේ ඉහළම පිළිගැනීමක් ඇතිව පිළිගන්න සූදානම් බව ඒ රටින් කිව්වත්... ඒ ගැන මේ රටේ ප්රබලයො පෙරුත්ත කළත්... උන්නැහේට පිටරටින් ආපු ඒ යෝජනාව කරැණිකව ප්‍රතික්ෂේප කළා කියලයි ආරංචි...
තනතුරැ බදාගන්න මී පොරයක යෙදෙන සමාජයේ තමන්ට ලැබෙන කීර්තිමත් පදවියක් ප්‍රතික්ෂේප කිරීමත් සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්...