2020 ජනවාරි 25 වන සෙනසුරාදා

කවුන්සිලේට ආයුබෝවන් කියන්න යන චරිත තුනක්

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 1107

ඉදිරි මහ ඡන්දෙන් එක්කම දේශපාලනේට ආයිබෝවන් කියන්න යන ප්‍රබල චරිත තුනක් අලි පාටිය පැත්තෙ ඉන්නවලු...

මේ තුන්දෙනා නියෝජනේ කරන්නෙ ගම්පහ, කුරුණෑගල, මාතර වගේ පළාත්ය කියල තතු දත් අය කියනවා...

මෙයින් දෙන්නෙක්ම නමසිය හැත්තෑ ගණන්වල දියවන්නා කවුන්සිලේට ආපු අය එක්කෙනෙක් අවුරුදු හතළිස් දෙකක්ම අපරාජිතව වාර්තාවක් කියලා තවත් හුඟාක් සුන්දර වාර්තා තියපු කෙනෙක්...

අනෙක් එක්කෙනා ඇමැතිකම් මහ ඇමැතිකම් අරවාමේවා කරපු නිතර සෝමාවතිය පැත්තෙ වන්දනාවේ යන ජ්‍යෙෂ්ඨයෙක්.

ඊළඟ එක්කෙනා දකුණේ පොරක්... පසුගිය යහපාලනේ බරපතළ වගකීම් දරල දැන් මීක් සද්දයක් නැතුව ඉන්න උන්නැහේ කෙනෙක්... ගරු සඟ පරපුර සමඟ ඇතිවුණ අරෝවල් නිසා උන්නැහේගෙ කතා ගැන අලි පාටියේ හුඟ දෙනෙක් එයා එක්ක කොක්කෙලු ඉන්නෙ... උන්නැහේ දේශපාලනේට අයිබෝවන් කියලා ලතිං ඇමරිකාව පැත්තට පංගාර්තු වෙන්නලු යන්නෙ... ඒත් කවුරැවත් ඇහුවොත් ඊළඟ පාරත් මම ඡන්ද පොරේට එනවය කියලා කියනවා...

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00