රන්ජන්ගෙ හඬපට වැඩේට බයවෙච්ච කස්ටිය ගොඩාක් ඉන්නවලු...
එහෙම බයවෙච්ච සමහරු තිරය පිටුපස ඉඳන් වෙනදේ දිහා බලාගෙන ඉන්න බවයි ආරංචි...
රන්ජන්ගේ පක්ෂයෙම ඉන්න එක්තරා තරැණ පහේ රැඩිකල් පොරක් මෙහෙම බියට පත්වී ඉන්න අය අතරේ ඉස්සරහින්ම සිටින වග තතුදත් අය කියනවා...
එයා මෑතක දික්කසාද නඩුවකට පැටළුණු කෙනෙක්ලු... දියවන්නා කවුන්සිලේට ආවෙ ඌව පැත්තෙ හීතල ආසනේකින් කියල කියැවෙනවා... එයාගෙ මල්-වැඩක් හින්දලු එයා මේ තරම් දුරකතන සංවාදවලට බයවෙලා ඉන්නෙ...
කොහොම හරි මේ හුටපට නිසා ඔය කියන අලි පාටියෙ මන්තිරි තැන තමන් මෙච්චරකල් නියෝජනේ කරපු ආසනෙනුත් එළියට ඇවිත් බස්නාහිර පළාතේ සීට් එකකට සැට් වෙන්න යනවය කියලත් කියැවෙනවා...
කෙසේ වෙතත් මේ කියන අයගෙ හඬපට තවම කරළියට ඇවිත් නැහැ... ඒක එන එක නවත්ත ගන්න අපේ කවුන්සිල් උන්නැහේ දැන් ලොකු යුද්ධයක් කරමින් ඉන්නවලු...