අත පාටියේ මේ දවස්වල විප්ලවයක්ලු. ඒ ලේකම් තැනගේ සමහර වැඩ නිසා කියලයි කියන්නේ. දැන් එයත් කියන්නේ පක්ෂය වැටිලා ඉන්න නිසා ඩිමාන්ඩ් නොකර පොහොට්ටුවෙන්ම ඡන්දය ඉල්ලමු කියලලු. එහෙම වුණොත් ඔක්කොම ගොඩ කියලා එයා කියනවලු. වෙන විකල්පයක් නැති නිසා.
හැබැයි මේකට පහළ තනතුරු දරන අයත් සමහර මැති ඇමැති කස්ටියකුත් තදින්ම විරුද්ධව ඉන්න බව පේනව. පක්ෂය විකුණන්න හදන්නේ කියලා ඇතුළේ තුන් හතර දෙනෙක්ගේ කුටු කුටුලු. කොහොම වුණත් මෙයාගේ කතාව පිටිපස්සේ ඉන්නේ පොහොට්ටුවෙ නිර්මාතෘවරයයි කියලා කතාවක් යනවා. එයා අතපාටියෙ ලේකම් තැන බැලන්ස් කරලය කියලයි ඒගොල්ලන්ගෙ මතේ.
කොහොම වුණත් මේ හැමදෙයක් ගැනම බලන් ඉන්න හිටපු රටේ මහතැන වගේම පක්ෂයේ ලොකු තැනත් පොහොට්ටුවෙන් එන්න කැමතියි කියලයි ආරංචිය. මේ ගැන ඩාර්ලි පාරේ කන්තෝරැවෙ කතාවක් ගිහින් සමහරු අතපය ඉස්සුවා කියලත් ආරංචියි.