2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

දුප්පත් පොහොසත්ලු

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 552

තරමකට හෝ ප්‍රතිපත්ති රකින දේශපාලකයෝ මේ රටේ ඉන්නවය කියන එකත් සතුටට කරුණක්...

අපි මේ කියන්න යන දේශපාලුතුමා ලංකාවෙ ඈතම පළාතෙ දිස්ත්‍රික්කයක් නියෝජනය කරන පක්ෂ නායකයෙක්... දැන් කැබිනට් මට්ටමේ මහත්තයෙක්.

උන්නැහේගෙ පක්ෂයට තමන්ගෙ පළාතේ බලයක් තියන නිසා පසුගිය ඡන්ද කාලේ එයාව අලි පාටියට ඇදලා ගන්න නොයෙක් සැප පහසුකම් දෙන්න යෝජනා කළාලු. ඒත් තමන්ගේ දුප්පත්කම වරප්‍රසාදවලට පක්ෂ මාරැ කරනවට වඩා හොඳයි කියපු උන්නැහේ දිගටම හිටියෙ පොහොට්ටුවත් එක්ක.

ආණ්ඩුව ආවම උන්නැහේට බරසාර කැබිනට් පට්ටමක් හම්බවුණා. උතුරට වගේම දකුණටත් ඒකෙන් යමක් කරන්න පුළුවන්....

කැබිනට්ටුව පත්වුණ හැමකෙනාම මුලින්ම හොයන්නෙ සුපිරි වාහන, සුපිරි නිල නිවාස වගේ දේවල්. හැබැයි මේ කැබිනට් උන්නැහේට හම්බවුණ නිල රථය සුමානෙන් දුවාගන්න බැරි ගාණට අබලන් වුණා. ඊටපස්සේ යන්න එන්න පාවිච්චි කරන්නේ තමන්ගෙම වෑන් එකලු. ඒකත් ණයකට උකස් කරපු එකක් කියලයි ආරංචි. වෑන් එකෙන් කැබිනට් එන එකම ඇමැති එයා කියලයි කියන්නේ.

දැන් උන්නැහේ ළඟට සරැසාර ව්‍යාපෘති අරවා මේවා අරන් නිතර නොයෙක් දෙනා එනවා. ඒත් ඒ කාටත් සිද්ධ වෙන්නේ හිස් අතින් යන්නලු.

එයා මෙහෙම එන අයට කියන්නේ &මම දුප්පත් ඒත් මගේ ප්‍රතිපත්තිය පොහොසත්* කියලලු. ඒ නිසා ඕවා මාත් එක්ක බැහැ කියලා නිර්භයව කියන බවයි එයාගේ අමාත්‍යංශය පැත්තෙන් ආරංචි...

ජීවිතේ වැඩිම වාර ගණනක් මරණින් බේරුණ කෙනෙක් හැටියට ප්‍රසිද්ධ මුන්නැහේ පොහොට්ටුවේ මහ පුටුවේ ඉන්න හිටපු ලොකු තැනට අයියා කියලා අමතන එකම කැබිනට් ඇමැතිලු.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00