ආණ්ඩුවේ ඉන්න රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් දෙන්නෙක් ලොකු කලකිරීමකලු ඉන්නේ.
ඉන් එක්කෙනෙක් අත පාටියේ ඉහළම නිලයක් දරන ලොක්කෙක් බවත් ආරංචියි. එයා තමන්ගේ පාටියෙ ඉහළම පුටුවක් භාරව හිටියත් තමන්ට ලැබුණ පට්ටම සාධාරණ නැහැ කියලා උන්නැහේ සිය හිතවතුන් සමඟ දිගින් දිගටම කියන්න පටන් අරන්ලු.
ඒ වගේම එයාට භාරදීලා තිබෙන රාජ්‍ය අමාත්‍යංශෙ කැබිනට් පට්ටම දීලා තිබෙන්නේ තවත් පුංචි පක්ෂයක නායකයකුට වීමත් එයාට තදට හිතට වැදිලලු...
මේක නකුට විසින් බල්ලා වනන තත්ත්වයක් කියලත් එයා කියන්න පටන් අරන් බව ආරංචියි. රටේ තිබෙන පක්ෂ අතර පැරැණිම පක්ෂයක ලොක්කෙකුට එහෙම කළේ ඇයි කියලා උන්නැහේ අහන බවත් කියැවෙනවා.
උන්නැහේ නියෝජනය කරන වයඹ පළාතෙම පුත්තලං පැත්තෙන් දියවන්නාවට පත්වුණ තවත් ජ්‍යෙෂ්ඨ මට්ටමේ දේසපාලු තුමෙකුට දීපු රාජ්‍ය මට්ටමේ ඇමැති පට්ටම හොඳ නැහැ කියලා උන්නැහේ ඉන්නෙ හුඟක්ම දුකින්ලු. ඉස්සර තනතුරැ නැනි කාලේ හැමදාම උදේට හවසට පොහොට්ටුවේ ලොකු මහත්තයා හම්බුවෙන්න බොහොම ප්‍රියංකර සිනහවකින් සැරසිලා එන මුන්නැහේ අලුත් ආණ්ඩුව දිවුරැම් දුන්නට පස්සේ එකම දවසක්වත් අරලියගහ වලව්ව පැත්තේ ඇවිත් නැතිලු...
පුත්තලං පැත්තේ පැරැණි දේශපාලන පවුලකට අයත් මුන්නැහේගෙ තාත්තත් කැබිනට් මට්ටමේ හිටපු කෙනෙක් නිසා එයා තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට සැලකුවේ නැහැ කියලා කනස්සල්ලෙන් ඉන්නවලු.
එහෙම දුකට පත්වෙලා ඉන්න දෙතුන්දෙනෙක් දැන් විදේශගත වෙලා ඉන්න පොහොට්ටුවේ නිර්මාතෘට මේ රටට ඇවිත් ප්‍රශ්න විසඳන්න කියලා ආයාචනා කරන්නත් පටන් අරන්ලු.