පුලතිසි පුරේ හිටපු ලොකු මහත්තය මේ දවස්වල තමන්ගෙ ගම් පළාතෙ දේශපාලන වැඩට බැහැලා ඉන්නවා....
හැබැයි මේ පාර උන්නැහේගෙ වැඩවලට එයාගෙ පරණ ගෝලයො හුඟදෙනෙක් එන්නෙ නැතිලු... එයා එක්කම වැඩකරපු ජයග්රාහී - රත්නයක් වගේ හිටපු ගෝලයත් වෙන අතක් බලාගෙන කියලා ආරංචියි.
කොහොම නමුත් හිටපු ලොකුතැන දැන් පුලතිසිපුරේ පොඩි පොඩි විවෘත කිරීම් කරමින් උත්සව තබමින් දේසපාලනේට සැට් වේගෙන එනකොට පොහොට්ටුවෙ එක්කෙනෙක් දෙන්නෙකුයි අලි පාටියෙ දෙන්නෙකුයි එයාට සැරටම ගහන්න පටන් අරන් කියලා මාර අප්සෙට් එකේලු ඉන්නෙ.
පුලතිසිපුරේම ඉන්න සිංහයෙකුත්, ගම්පහ පැත්තෙ ඉන්න ප්රසන්න දේශපාලනයක් කරන කෙනෙකුත් පොහොට්ටුව පැත්තෙන් කොක්ක දානවලු.
අලි පාටියෙ ඉන්න පුත්තලං බණ්ඩ උන්නැහෙත් ෆොනීතුමත් ඒ පැත්තෙන් පෝරියල් එකක් දෙනවලු...
ඉතින් මේ වැඩේ පාලනේ ගැන උන්නැහේ තමන්ගෙ සමීපතම හිතවතුන් එක්ක කතා කරලා. ඒ කතාබහ අවසානෙදි තීන්දු කරලා තිබෙන්නෙ මේ පෝරියල් කස්ටියට හොඳවයින් දෙකක් කියල දෙන්නලු... ඒකට දැන් හිටපු ලොකු තැන සන්නද්ධ වෙමින් ඉන්න වග ආරංචියි.