2017 මාර්තු 25 වන සෙනසුරාදා

සල්ලි කේස්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 378

මේ රටේ ලොකුම බිස්නස් කෙරුමෙක් වන දේශපාලන පවුලක සහෝදරයෙක් විපක්ෂය කෙනකුට සප් එකක් දෙන්න පොඩි වැඩක් කරලා කියලා ආරංචියි. මහජනතාවට අයිති ආණ්ඩුවෙ බැංකුවක හිරවෙලා තියන විපක්ෂයේ දකුණෙ ප්‍රබල තරුණ දේසපාලනතුමෙක්ගෙ සල්ලි ටික බේරලා දෙන්නයි උන්නැහේ ට්‍රයි කරන්නෙ කියලා රටේ ලොකුම මන්දිරේට වාර්තාවෙලා.

මේ දේසපාලන සහෝදරයට අමතරව ලංකාවට තිලකයක් වගේ ඉන්න ආණ්ඩුවෙ ලොකු උපදේසකතුමෙකුත් මේ සල්ලි බේරන වැඩේට බැංකු ලොකු ලොක්කන්ට කතා කරන්න පටන් අරන්ලු...

උසාවි නියෝගයකුත් එක්ක හිරවෙලා තියන සල්ලි මේ විදියට එළියට ගන්න දේසපාලන බලපෑම් එනවය කියලා කවුරුහරි රටේ ලොකු මහත්තයටත් කීව කියලා ආරංචියි. ඊට පස්සේ උන්නැහේ ඒ ගැන කාට කාටත් නොදැනෙන්න හතර අතෙන්ම විස්තර හොයලා කතාව දැනගත්තට පස්සෙ මාර පෝරියල් එකක් දැම්ම කියලා තතුදත් අය කියනවා.