බරපතළ නීති ප්රශ්නකට මුහුණ දීලා ඉන්න කවුන්සිලේ නෝනා කෙනෙක්ට ආණ්ඩුවෙ ඉහළින් යෝජනාවක් ඇවිල්ලලු.. එයා දැන් ඉන්න විපක්ෂ කට්ටියගෙන් වෙන් වෙලා ආවොත් බරසාර උප ඇමැති පට්ටමක් දෙන්නම් කියන එකලු මූලික පොරොන්දුව.
ඊළඟට තියන නීති ප්රශ්නවලින් වුණත් විමුක්තිය ලැබෙන්න පුළුවන් කියලා දන්නලලු...
ඒත් මේ කවුන්සිල් නෝනා යෝජනාවට කැමැතිවෙලා නැතිලු...
එච්චර විතරක් නොවේ ඒකාබද්දෙ කස්ටියගෙ කණ්ඩායම් රැස්වීමේදී එයා මේ යෝජනාව ගැන විවෘතවම කිව්ව කියලත් ආරංචියි.
ඒක අහපු හිටපු ලොකු තැන දකුණෙ අය ඔය වගේ වැඩකරන්නෙ නැහැ කියලා මහ හඬින් හිනාවුණාලු..
ඒක අහපු කවුන්සිල් නෝනා හිටපු ලොකු තැනට ගීතවත් හඬකින් මෙහෙම කිව්වලු..
අපිට තමයි සේරම පෝරියල්.... කවුන්සිලේ ඉන්න ස්විට්සර්ලන්ත පුරවැසියන්ට මුකුත් නැහැ... ආබාධයක් නැහැ